රාජිත සේනාරත්නට ඇප

රාජිත සේනාරත්නට ඇප

රාජිත සේනාරත්නට ඇප

කර්තෘ Staff writer

10 Jun, 2020 | 10:11 am

COLOMBO (News 1st) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රාජිත සේනාරත්න මහතා මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.

අන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කිරීමේ චෝදනා යටතේ, හිටපු අමාත්‍යවරයා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]