by Staff writer 09-06-2020 | 8:12 AM
COLOMBO (News 1st): ගිංතොට මෝය කට ආශ්‍රිතව අපද්‍රව්‍ය එක්රැස්වීමෙන් එය වැසීයාමේ අවදානමකට ලක්ව තිබේ.
මෝය කට ආශ්‍රිතව අපද්‍රව්‍ය විශාල වශයෙන් එක්රැස්වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේය.
අප වාර්තාකරු සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ පැවති වැසි තත්ත්වය හේතුවෙන් පහත් බිම්වල තිබූ අපද්‍රව්‍ය මෙලෙස මෝය කටට එකතු වී ඇති බවයි.
බද්දේගම, වක්වැල්ල, ගිංතොට සහ තෙලිකඩ ප්‍රදේශවලින් මෙම අපද්‍රව්‍ය ගඟට එකතු වනබව වාර්තා වේ.
එම අපද්‍රව්‍ය ගඟ දිගේ මෝය කටට පැමිණ සිරවී ඇත.
මේ හේතුවෙන් ගිං ගඟ පිටාර ගැලීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, ගිං ගඟ දෙපස පහත්බිම් යටවීමේ අවදානමක් ද පවතින බවයි.
මේ අතර මුහුදට කසළ එක්වීම සහ එවැනි ක්‍රියාවලට සෘජුව වගකිව යුතු පිරිස් පිළිබඳව කරුණු අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.
පොලීසිය පැවසුවේ, ගල්කිස්ස වෙරළ තීරයට කසළ ගොඩගැසීම පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙම උපදෙස් ලබා දුන් බවයි.
එම අධ්‍යනයට පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදු කිරීමට පියවර ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ පසුගිය දින කිහිපයේ ගල්කිස්ස වෙරළ තීරයට කසළ ගොඩගැසීම පිළිබඳව ක්‍රියාත්මක විමර්ශන තවදුරටත් ශක්තිමත් කරමින් සිදුකිරීමට ද පියවර ගෙන ඇති බව ය.