''රටේ නීති දෙකක් තියෙන්න බැහැ...'' - නලින් ජයමහ

''රටේ නීති දෙකක් තියෙන්න බැහැ...'' - නලින් ජයමහ

by Staff writer 09-06-2020 | 6:58 PM
COLOMBO (News 1st) : එක් රටක් තුළ නීති දෙකක් පැවතිය නොහැකි බව නලින් බණ්ඩාර ජයමහ මහතා පවසයි. මාධ්‍ය හමුවක් කැඳවමින් ජයමහ මහතා පැවසුවේ, අමෙරිකානු විරෝධය මතුකරමින් බලයට පැමිණි ආණ්ඩුව අද වන විට අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ට යටත්ව සිටින තත්ත්වයක් පෙන්නුම් කරන බවයි. මේ අතර ගොවීන් මුහුණ දී සිටින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ද ජයමහ මහතා එහිදී අදහස් පළ කළේ ය. ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම ගැටලු විසඳීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි. https://www.youtube.com/watch?v=JwYhN06xpQ8&feature=youtu.be