by Staff writer 09-06-2020 | 8:25 PM
COLOMBO (News 1st) : යාපනයේ නිවාස තුනක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
මේ පියවර ගෙන ඇත්තේ යාපනයේ සිටි ඉන්දීය ජාතිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස තමිල්නාඩුවේදී හඳුනා ගැනීමත් සමගයි.
යාපනයේ රෙදිපිළි වෙළඳාමේ නිරතව සිට පසුගිය දා යළි තමිල්නාඩුවට ගිය ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වැළදී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.කේදීෂ්වරන් මහතා සඳහන් කළේ ය .
මෙම ඉන්දීය ජාතිකයා මෙරට වෙළඳාම් කටයුතුවල නිරතව ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ සිටයි.
ඉන්දීය ජාතිකයන් යළි එරටට ගෙන යාමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මැදිහත්ව විශේෂ නෞකාවක් සූදානම් කර තිබූ අතර මෙම පුද්ගලයා ද එම නෞකාවෙන් ආපසු පිටත්ව ගොස් තිබිණ.
මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් අවශ්‍ය කටයුතු සිදු කර ඇති බැවින් ජනතාව මේ පිළිබඳව බිය වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
නිරෝධායනයට යොමු කර ඇත්තේ, ඉන්දීය ජාතිකයා මෙරට රැඳී සිටි කාලය තුළ රැඳී සිටි යාපනය ඉනුවිල් ප්‍රදේශයේ නිවාස දෙකක් හා ඒලාලෙයි ප්‍රදේශයේ නිවසක පදිංචිකරුවන් ය.