COLOMBO (News 1st) : දුන් පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකිව ආණ්ඩුව විනාශයට අත වනමින් සිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, අද උදෑසන අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මර්වින් සිල්වා තවදුරටත් කරුණු දක්වමින් පැවසුවේ, හූල් කෙනෙකු අල්ලාගෙන අණ්ඩුව හූල්ලමින් සිටින බවයි.
''අද උදෑසන මට කල්පනා වුනා තාමත් මේ හූල් කෙනෙක් අල්ලගෙන හූල්ලනවා ආණ්ඩු පක්ෂය. ඒ කියන්නේ දුන්නු පොරොන්දු ඉෂ්ඨ කරගන්න බැරුව බොරු කියලා බොරු කරලා දැන් විනාශයට අත වනමින් ලංවෙමින් ඉන්නවා වෙලාවක. හූල්ට වැඩිය ප්‍රශ්නයක් වුන බව මිනිස්සු දන්නේ නෑනේ. එදා මම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් 2005 විශාල වැඩ කොටසක් මම කරා. ලොකු වැඩ කොටසක්. එතුමා දන්නවා ඒක. මගේ කතිකත්වය පාවිච්චි කළා. සංවිධානය කළා. අපි බොහොම අවංකව ඒ දේ කළා. හැබැයි මම දන්න රහසක් අද හෙලි කරනවා. මේක කේළමක් නෙමෙයි. උතුරේ ඡන්ද දායකයෝ ඡන්දේ පාවිච්චි කරේ නෑ. ඇයි ඡන්දේ පාවිච්චි නොකරේ? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්තර නීතීඥවරයෙක්, දේශපාලනඥයෙක් එයා දැන් ජීවතුන් අතර නැහැ. තවත් පුවත්පත් අයිති මහත්තයෙක්. ඔය වගේ කණ්ඩායමක් ඇතුලෙන් නම් කරා උතුරේ ඡන්ද වළක්වන්නේ කොහොමද කියලා. අන්න ඒ අයට මුදල් මුදල් ගෙවලා අල්ලස් දීලා සාකච්චා කරලා ප්‍රභාකරන් ඇතුලු කණ්ඩායමටම නිකන් අහිංසක ද්‍රවිඩ ජනතාවට නෙමෙයි. ප්‍රභාකරන් ඇතුළු කණ්ඩායමට මුදල් ගෙවලා උතුරේ ඡන්ද වැළැක්කුවා. අපටත් ජයග්‍රහණ ඕන නිසා අපි අහක බලාගෙන අපට කරන්න පුළුවන් ටික කළා. ප්‍රභාකරන්ට පගාව දීලා ඡන්ද වළක්වපු උදවිය දැන් මේ මහාචාර්යවරයෙක් අල්ලගෙන දගළනවා. ඕක ඊයෙත් මම කිවුවා. එතුමා කිවුවේ දූෂිතයන්ට ඡන්දෙ දෙන්න එපා කියලා. තොප්පිය හරිනම් දාගනිල්ලා''
https://www.facebook.com/NewsfirstSL/videos/2560201120896710/