දිස්ත්‍රික්ක 12ක පෙරහුරු මැතිවරණක්..

දිස්ත්‍රික්ක 12ක් කේන්ද්‍ර කර ගනිමින් පෙරහුරු මැතිවරණක්..

by Staff writer 09-06-2020 | 9:08 AM

COLOMBO (News 1st): දිස්ත්‍රික්ක 12ක් කේන්ද්‍ර කර ගනිමින් පෙරහුරු මැතිවරණයක් ලබන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට නියමිතව ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, මහ මැතිවරණය උදෙසා සෞඛ්‍ය නීති පිළිපදිමින් ය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, කොළඹ, කළුතර, යාපනය, මුලතිව් අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවල පෙරහුරු මැතිවරණය පැවැත්වීමට නියමිත බවය. මීට අමතරව, බදුල්ල, මොණරාගල, මඩකලපුව, සහ කුරුණෑගල , පුත්තලමයන දිස්ත්‍රික්කවල ද පෙරහුරු මැතිවරණය පැවැත්වීමට නියමිත ය. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ය. දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිත කරමින් ජාතික හැඳුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වීමට නියමිත ය. මීට පෙර මෙවැනිම පෙරහුරු මැතිවරණයක් පසුගිය 07 වැනිදා අම්බන්ගොඩදී පැවැත්විය. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයින්ගේ මනාප අංක අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ජාතික මැතිවරණ කොමිෂන් සභාව මේ පිළිබඳ නිවේදනය කළේ, ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ය. ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන දිනය ⁣මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තුවන බව ද, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.