විරෝධතාවක් හේතුවෙන් කොල්ලුපිටියේදී 10 දෙනෙකු අත්අඩංගුවට (VIDEO)

by Staff writer 09-06-2020 | 1:30 PM

COLOMBO (News 1st) – අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පොලීසිය විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම විරෝධතාව සංවිධානය කළේ, අමෙරිකාවේ ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනය හෙලා දකිමින් ය. අද පැවැත්වීමට නියමිත විරෝධතාව වළක්වමින් ඊයේ දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසිය නියෝගයක්ද ලබා ගෙන තිබුණි. කොල්ලුපිටිය මංසන්දියේ විරෝධතාව ආරම්භ කිරීමට සුදානම් වූ අවස්ථාවේදීම එම ස්ථානයට පැමිණී පොලීසිය රැස්වී සිටි පිරිස විසුරුවා හරිමින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කළේ ය. අප වාර්තාකරු පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට කොල්ලුපිටිය පොලීසියේ රඳවා ඇති https://www.youtube.com/watch?v=j1Hhpxgypmk https://www.facebook.com/NewsfirstSL/videos/570811700305246/