by Staff writer 09-06-2020 | 8:30 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කලා ක්ෂේත්‍රය නියෝජනය කරන සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විණ.
විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවේදී කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කලා ශිල්පීන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතාවන් පිළිබඳව අවධානය යොමුව තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, වසංගත තත්ත්වය සමග කැමරා,සංගීත,චිත්‍රපට,ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය ආදී විවිධ ක්ෂේත්‍රවල කලා ශිල්පීන් මුහුණ දී ඇති ගැටලු සහගත තත්ත්වයන් පිළීබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.
පවතින තත්ත්වය හමුවේ කලා ශිල්පීන් මුහුණ දී ඇති ආර්ථික පසුබෑම් සම්බන්ධයෙන් ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.