COLOMBO (News1 st): පාසල් නිවාඩු කාලය ජුනි 29 වෙනිදායින් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදියර 4 ක් යටතේ පාසල් ආරම්භ කරන බවයි.
ජුනි 29 වනදායින් ඇරඹෙන පළමු අදියර යටතේ විදුහපතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මණ්ඩල පාසල් වෙත වාර්තා කළ යුතු ය.
සිසු සිසුවියන් සඳහා පාසල් ආරම්භ වන්නේ, පහත පරිදි ය.
දෙවන අදියර ජූලි 6 සිට...
13, 11, 5 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා
තෙවන අදියර ජූලි 20 සිට...
12 සහ 10 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා
සිව්වන අදියර ජූලි 27 සිට...
3,4,6,7,8 සහ 9 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා
කෙසේ වෙතත් ප්‍රාථමික වසරවල දරුවන් පාසලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළැඹ නොමැත.
https://www.youtube.com/watch?v=M-Zi4VC0pdI&feature=youtu.be