විරෝධතාවක් හේතුවෙන් කොල්ලුපිටියේදී 10 දෙනෙකු අත්අඩංගුවට (VIDEO)

විරෝධතාවක් හේතුවෙන් කොල්ලුපිටියේදී 10 දෙනෙකු අත්අඩංගුවට (VIDEO)

කර්තෘ Staff writer

09 Jun, 2020 | 1:30 pm

COLOMBO (News 1st) – අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පොලීසිය විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම විරෝධතාව සංවිධානය කළේ, අමෙරිකාවේ ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනය හෙලා දකිමින් ය.

අද පැවැත්වීමට නියමිත විරෝධතාව වළක්වමින් ඊයේ දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසිය නියෝගයක්ද ලබා ගෙන තිබුණි.

කොල්ලුපිටිය මංසන්දියේ විරෝධතාව ආරම්භ කිරීමට සුදානම් වූ අවස්ථාවේදීම එම ස්ථානයට පැමිණී පොලීසිය රැස්වී සිටි පිරිස විසුරුවා හරිමින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කළේ ය.

අප වාර්තාකරු පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට කොල්ලුපිටිය පොලීසියේ රඳවා ඇති

උද්ඝෝෂණයක් හේතුවෙන් කොල්ලුපිටිය මංසන්දියේ උණුසුම් තත්ත්වයක්

උද්ඝෝෂණයක් හේතුවෙන් කොල්ලුපිටිය මංසන්දියේ උණුසුම් තත්ත්වයක්

Posted by Newsfirst.lk on Tuesday, June 9, 2020

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]