අමෙරිකානු තානාපති නිලධාරියාට ගෙන ඇති පියවර කුමක්ද?

සෞඛ්‍ය රෙගුලාසි කඩකළ අමෙරිකානු තානාපති නිලධාරියාට ගෙන ඇති පියවර කුමක්ද?

by Staff writer 08-06-2020 | 8:15 PM

COLOMBO (News 1st): සෞඛ්‍ය රෙගුලාසි පිළි නොගෙන ගුවන්තොටුපොළෙන් රටට ඇතු‍ළු වූ අමෙරිකානු තානාපති කාර්යාල සේවකයා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්ද?

මේ පිළිබඳව අප විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළේය. ගුවන්තොටුපොළේ ඒ නීති රීතිවල හිඩැසක් හෝ අඩුවක් තිබෙනවා නම් වහාම ඒක තද කරා අපි. ඒවගේම ගුවන්තොටුපොළ පාලනයේ තිබෙන යම්කිසි ස්වාධීන තීරණ ගැනීමේ ඉඩකඩ මත අවිනිශ්චිතව තිබුණු ඒ වගන්තිය ක්‍රියාත්මක කරා. අපි කල්පනා කරන්නේ නැහැ කිසිම විදේශ පුරවැසියෙක් හෝ කිසිදු ශ්‍රී ලංකා පුරවැසියෙක් අපේ රටේ ඒ තියෙන නීති රීති උල්ලංඝණය කරමින් පැමිණෙන්න පුළුවන් කියලා අපට ඉතා පැහැදිලිව මේ ටෙස්ට් එක කරන්න පුළුවන්කම පරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙද්දී එය රාජ්‍ය තාන්ත්‍රික කියන වචනයට පසුබැසීමක් සිද්ද වුණා නම් දැන් එය නිවැරදි කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. නිව්ස්ෆස්ට් ප්‍රශ්නය -
ඒ කියන්නේ මේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාත් පරීක්ෂා කිරීමේ හැකියාව තිබුණා?
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පිළිතුර -
ඇත්ත වශයෙන්ම තිබුණා. ඒ වචනය පැහැදිලි කරගන්න බැරි නිසා තමයි එදාම යළිත් ඒ වචනය වඩාත් පැහැදිලිව නිකුත් කරනු ලැබුවේ. කිසිම නිලධාරියෙක්ට ඒ පරීක්ෂණය නොකර සිටීමට හැකියාවක් තිබුණේ නැහැ. කිසිම රටකට බියකින් හෝ කිසිම රටකට තියෙන වැඩි ආදරය නිසා නෙවෙයි. ඔහුව පරීක්ෂණයකට ලක් කරන්න තියෙනවා. ඔහු පරීක්ෂණයට අනිවාර්යෙන්ම ලක්වී තිබෙනවා. ඒ වගේම ඔහුට නේවාසික දින 14 ගත කරන්න වෙනවා මොන තානාපතිතුමා වුණත්. ඉතින් මේවා ක්‍රියාත්මක වෙමින් තියෙනවා දැන්. යම් යම් අය පීලි පනින්න උත්සාහ දරනවා.