සිරිකොත උණුසුම් වෙයි

සිරිකොතේ පැවැති වෘත්තීය සමිති නියෝජිත හමුවක් අතර උණුසුම් තත්ත්වයක්

by Staff writer 08-06-2020 | 11:20 AM

COLOMBO (News 1st) - ජාතික සේවක සංගමය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ජාතික විධායක සභාව අද අතරමග නවතා දැමීමට සිදු විය.

ඊට හේතුවූයේ රැස්වීමට සහභාගී වූ නියෝජිතයින්ගෙන් මතු වූ විරෝධයයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම රැස්වීමට ජාතික සේවක සංගය ඇතුළු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවල නියෝජිතයින්ට ඇරයුම් කර තිබුණි. රැස්වීම පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජාතික සේවක සංගමයේ සභාපති සහ පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක සහ පක්ෂ වෘත්තිය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ද ඊට සහභාගී වූහ. එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා
එක්සත් ජාතික පක්ෂය මුලින්ම කැඩුවේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදාගෙන ගිහිල්ලා ඉවර වෙලා කොච්චර කාලයක්ද වැඩ කරන්න පුළුවන්කම ලැබුණේ. අවුරුදු හතරක් යනකොටම ජීවතුන් අතරත් නැතුව ගියා. හැත්තෑව දශකයේදී රුක්මන් සේනානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය කඩලා එක්සත් ජනතා පක්ෂය කියලා පක්ෂයක් හැදුවා. ජේ.ආර්.පී. සූරියප්පෙරුමලා, ජිනදාස නිහතපාලලා වගේ උදවිය රුක්මන් සේනානායක මැතිතුමත් එක්කලා ගිහිල්ලා ඉවර වෙලා ශක්තිමත් කරන්නට පියවර ගත්තා. අවසානයේ අද දේශපාලන පොර පිටියේ නෙමෙයි ලංකාවේ රුක්මන් සේනානායක ඉන්නවද නැද්ද කියන එකත් දන්නේ බොහොම ටික දෙනයි. ඉන් පස්සේ ආවේ ලලිත් ගාමිණි ප්‍රේමචන්ද්‍රලාගේ යුගය. ඒ ගොල්ලො ඇවිල්ලා රාජ අලියා පක්ෂය නිර්මාණය කළා. මොකද්ද කරන්න පුළුවන් වුණු එකම දේ අද මොකද්ද වෙලා තියෙන්නේ ඒ කඩපු එක්කෙනෙක්වත් අද ජීවතුන් අතරවත් නෑ මිත්‍රවරුණි. ගිය හැම කෙනෙකුටම අවසානයේ එන්න වෙන්නෙත් මේ සිරිකොත මන්දිරයට. ඒ එනකොට අනිත් අය සූදානමින් ඉදීවි ද? හිටපු පුටු දෙන්න කියන එක ඔබ කල්පනා කරලා බලන්න. අපි නම් සූදානම් නෑ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා
මේ ජන්දේ බලයට එන බලයට තරග කරන්නේ පක්ෂ දෙකයි. පොහොට්ටුවයි අපියි. මට වරම ලැබුණේ 2015 අගෝස්තු මාසේ ආණ්ඩුවක් හදන්න. ජාතික මට්ටමින්.ඊට පස්සේ අපි ජාතික මට්ටමේ ඡන්දෙකින් පැරදිලා නෑ.අපි සහයෝගය දුන්නේ හංසයගෙන් ආපු අපේක්ෂකයාට ජනාධිපතිවරණයේ. එක්සත් ජාතික පක්ෂය දැන් තමයි ආපහු බලයට තරග කරන්නේ.අලියා ලකුණේ හැටියට. දිනන්න නම් අපි ගිය ජනාධිපති මැතිවරණයෙන් එක පාඩමක් උගන්වන්න ඕන. මොකද ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් වුණේ අපේ පක්ෂෙ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා. අපිත් සහයෝගය දුන්නා. ඒත් මොකද්ද සිද්ධ වුණේ. අපිට ඡන්දේ දෙන කොටසක් ඒ පැත්තට ගියා. මට එකක් වැටහුණා 2019 ගිය පරණ පාරේ ගියොත් ආපහු දිනන්නේ නෑ. අපිත් පරාජයට යනවා. ඒ පාරේ යන්න බෑ. ඒ ප්‍රතිපත්ති අනුව යන්න බෑ. මේ කාලේට උචිත විදියට ඉදිරියට යන්න ඕන කියලා තමයි දැන් එක්සත් ජාතික පක්ෂය හදන්නේ. අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරමු කියලා මම කියන්න කැමතියි. අපි මෙතෙන්ට එන්නේ ඡන්දෙ කරන්නද ඡන්දේ දිනන්නද?
පක්ෂය කැඩිලා තියෙද්දි කොහොමද අපි ජයග්‍රහණය කරන්නේ?
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොඳයි ඇහුව එක. 1977 වෙනකොට අපේ භාගයක් ගිහින් තිබුණේ. ආපහු දිනන්න බැහැ කිව්වා. දිනන්න බැහැ කිව්ව එකෙන් අපි 140 කින් අපි ආපහු ආවා. ඡන්දදායකින් තාම ඒක තීරණය කරලා නෑ. ඒක තීරණය කරලා අපි යන්න ඕන. අපි ඉදිරියට යන්න ඕන.
රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව අවසන්වීමත් සමග වෘත්තීය සමිති නියෝජිතයින් ඔහුගෙන් ප්‍රශ්න අසන්නට විය. එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රශ්නේ කියන්නකෝ?
වෘත්තීය සමිති නියෝජිතයින් -
සර් අපිට නායකතුමා එක්ක කතා කරන්න දෙන්න. අපිට වෘත්තිය සමිති ගැන කතා කරන්න අපිට ඕන. අප එන්න බෑ කිවුවා. ප්‍රමෝෂන් ඔක්කොම කැන්සල් වුණා. අකිල විරාජ් මැතිතුමා ආවා. එකේ සභාපතිකම ගත්තා . කතා කරන්න බලන් ඉන්නේ.කතා කරන්න එක්සත් ජාතික පක්ෂය වෘත්තිය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සභාව සන්සුන් කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නොවීය. වෘත්තීය සමිති නියෝජිතයින්
අපි හැමදාම නායකයොන්ට කීකරු වුණා
රංගේ බණ්ඩාර මහතා
ප්‍රශ්නේ කියන්නකෝ එක්කෙනෙක් කෑගහන්නේ නැතුව
වෘත්තීය සමිති නියෝජිතයින්
ඇත්ත කතාව ඕක. අපේ දේශපාලන පළිගැනීම් දුන්නේ නෑ. අවුරුදු ගාණක් අපි විපක්ෂයේ. අද රස්සාවල් නැති මිනිස්සු ගොඩක් ඉන්නවා. අදටත් රස්සාව නැති මිනිස්සු ඉන්නවා. කතා කරන්නේ නෑ ඇයි එහෙම කරන්නේ ?
රංගේ බණ්ඩාර මහතා
එක්කෙනෙක් කියන්න.
වෘත්තීය සමිති නියෝජිතයින්
අවුරුදු 5 ක් කතා කරා. මෙච්චර කල් කෑවේ ඕගොල්ලන්ගේ ලණූ. තවකන්නේ නෑ ලණු. කාලා ඉවරයි. අපි යනවා කෙලින්ම සජිත් ගාවට. ආයෙ අලියාට එන්නේ නෑ. බොරුවට ඡන්දේ ගන්න එනවා පුටුවල ඉඳලා. තවත් බබා නළවලා එනවා ඡන්දේ ගන්න අලියාට. අපිට දුක් විඳින්න තවත් බෑ අපි කුලී වැඩ කරගන්නවා. පක්ෂෙ පක්ෂෙ කියලා අපි හැමදාම දුක් විඳිනවා. අපිට ඕන නෑ. අපි ඕන නම් අයින් වෙන්නම්.
රංගේ බණ්ඩාර මහතා
ඕගොල්ල නිහඩ වෙනවාද එක්කෙනෙක් කියන්න. දැන් ඕගොල්ලගේ මෙතන බොරුවට කෑගැහුවා සද්ද කරා කියලා මෙතන වැඩක් නෑ. ඕගොල්ල කිවුවා නායකතුමා එක්ක සාකච්ඡාවක් ඕන කියලා. පොඩ්ඩක් ඉන්නකෝ දැන්නේ කිව්වේ. දැන්නේ ඉල්ලුවේ. හෙට හැන්දෑවෙ 4.00ට සාකච්ඡාවක් දුන්නොත් ඒ සාකච්ඡාවට එන නියෝජිත කණ්ඩායම කවුද කියලා අපිට දැනුම් දෙන්න.
එක්සත් ජාතික පක්ෂය වෘත්තිය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එම ස්ථානයෙන් පිටව ගියේ ය. වෘත්තීය සමිති නියෝජිතයින්
බෑණා ඉල්ලන්නේ සජිත්ගෙන් හෝමාගම රංගේ බණ්ඩාරගේ. අපි ටෙලිෆෝන් එකේ . අපි සජිත්ගේ. අපි සියලු වෘත්තිය සමිති සජිත්ගේ. අපි සජිත් එක්ක ඉන්නේ මුන් එක්ක ඉන්නේ නෑ . පස්දෙනෙක් තියාගෙන ආණ්ඩු පිහිටුවන්න පුළුවන්ද එයි. මුන්ට මොලේ නෑ. මුන් හිතන් ඉන්නේ හැමදාම හරක් කියලා එක්සත් ජාතික පාක්ෂිකයෝ.
වෘත්තීය සමිති නියෝජිතයින්
එකතු වෙයල්ලා දිනන්න ඕන නම්. නැත්තන් රෙද්දක් දිනතැහැකි. රවී කරුණානානයක මහින්දට ගොට්ට අල්ලනවා. රවී කරුණානායක හොරා. ඕකා මහින්දට ගොට්ට අල්ලනවාලු හොරකන් ටික වහගන්න. අකිල විරාජ් ඇමතිතුමා සභාපතිකම ගන්න ආවේ එක දවසයි. ඒ ආවාට පස්සේ. ඒක කාටද දන් දෙන්න කථා කරා.එක්කෙනෙකවත් කතා කරේ නෑ අපි ගැන. ආණ්ඩු බලය තියෙද්දී අපි විපක්ෂයට වැටුණා. නායකතුමා හිතන් ඉන්නේ මේ සීය ගෙනල්ලා දිනන්න හැකිය කියලා. දිනන්නේ කොහෙද සීයකින් .
වෘත්තීය සමිති නියෝජිත පිරිස අද පස්වරුවේ සමගි ජන බලවේගය කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ ය. එහිදී ඔවුන් නැවතත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට විරෝධය පල කළේ ය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිරිස හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/932145230567123/