වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙදුන්ට නඩු

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙදුන්ට නඩු පැවරීමට පියවර

by Staff writer 08-06-2020 | 4:31 PM

COLOMBO (News 1st) – පාලන මිලට වැඩි මුදලකට සහල් අලෙවි කළ වෙළෙදුන් 60 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ය. එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ , මේ වනවිට විවෘත කර ඇති ආහාර අලෙවි සැල් පිරික්සීම ද අද සිට ආරම්භ කරන බවයි. සුරක්ෂිත ආහාර මහජනතාව අතට පත්කිරීම එහි අරමුණ වේ.