මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 381 ක් අත්අඩංගුවට ‍

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 381ක් අත්අඩංගුවට ‍

by Staff writer 08-06-2020 | 10:30 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 381 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 5.00 දක්වා කාලය තුළ එම මෙහෙයුම කළ බවය. එහිදී හෙරොයින් සමග සැකකරුවන් 122 දෙදෙනෙකු, ගංජා සමග සැකකරුවන් 63 දෙනෙකු, නීති විරෝධි මත්පැන් සමග සැකකරුවන් 110 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ, ගෝඩා සමග සැකකරුවන් 08 දෙනෙකුත් අයිස් සමග සැකකරුවන් 08 දෙනෙකුත් සහ මාවා සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම මෙහෙයුම කර තිබේ.