නැගෙනහිර මුහුද රළුවෙයි

නැගෙනහිර මුහුද රළුවෙයි : ධීවර කටයුතුවලින් වළකින්නැයි උපදෙස්

by Staff writer 08-06-2020 | 7:36 AM

News 1st - දිවයිනට නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවය. නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ. බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 50 පමණ තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක. https://www.facebook.com/NewsfirstSL/videos/825532161608124/