තවමත් විසදා ගත නොහැකි පළගැටි උවදුර..

තවමත් විසදා ගත නොහැකි පළගැටි උවදුර..

by Staff writer 08-06-2020 | 9:22 PM

COLOMBO (News 1st): මැතිවරණ වේදිකාවේ දේශපාලනඥයින් විවිධ මත ඉදිරිපත් කරද්දී තවමත් විසදා ගත නොහැකි පළගැටි උවදුර සීඝ්‍රයෙන් ව්‍යප්ත වෙමින් පවතී.

කුරුණෑගල, මල්ලවපිටිය ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ මේ ගැටලුව පිළිබඳව බලධාරීන්ගේ අවදානය ප්‍රමාණවත් නොවන බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කහ තිත් පළගැටියා, මේ වනවිට ගම්පහ, කෑගල්ල, මාතර සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක කිහිපයකට ව්‍යාප්ත වී තිබේ. මේ උවදුර පිළිබඳව කඩිනම් අවදානය යොමු නොවුණහොත් ප්‍රශ්නය සංකීර්ණ වනු ඇතැයි ජනතාව අනතුරු අඟවමින් පවසති. https://www.facebook.com/NewsfirstSL/videos/2564102473827665/