by Staff writer 08-06-2020 | 6:03 PM
COLOMBO (News 1st) – ජනාධිපතිවරයාගේ නම භාවිත කරමින් රාජ්‍ය ආයතනවලට කරන බලපෑම් කිරීම් පිළිබඳ වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටී.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ( අභ්‍යන්තර පාලන) විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ මහතා වෙත දන්වන ලෙසයි.
ඒ පිළිබඳව දැනුම් දීමට 011 235 44 79 හෝ 011 23 54 354 යන අංකයන් විවෘතව පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
ඇතැම් පුද්ගලයන් වංචනික අභිප්‍රායන් ඉටුකර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.