ඡන්දය පැවැත්වෙන දිනය මේ සතියේ තීරණය කරනවා

ඡන්දය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ තීරණය කරනවා - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 08-06-2020 | 5:30 PM

COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම සතිය තුළ දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේ ය.

මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මනාප අංක හෙට දිනයේදී සියලුම පක්ෂ වෙත ලැබීමට සලස්වන බව ය. මේ අතර ආදර්ශ ඡන්ද විමසීමක් මෙම සති අන්තයේ ද, දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.   https://www.facebook.com/NewsfirstSL/videos/281799119863676/