මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

ඡන්දය ගැන සාකච්ඡාවකට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

by Staff writer 08-06-2020 | 10:48 AM

COLOMBO (News 1st) - ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද පැවැත්වේ.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. මේ අතර මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇත. රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 07 කට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවය. සෙසු දිස්ත්‍රික්කවල කටයුතු ද කඩිනමින් ආරම්භ කරන බව ඇය සඳහන් කළාය. රට තුළ පවතින තත්ත්වය අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වැඩි කාලයක් ගතවනු ඇති බව ඇය පැවසුවාය. ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඉදිරි මහ මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා එක් කෝටි හැටනව ලක්ෂකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරන බවයි. මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ඡන්ද විමසීමට දින 14 කට පෙර මැතිවරණ කොමිසමට භාර දෙන බව ද ඇය පැවසුවාය.