බස් හා දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර බස් හා දුම්රිය ධාවනය අද සිට

by Staff writer 08-06-2020 | 7:22 AM

COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල බස් රථ ධාවන කටයුතු අද ආරම්භ වේ.

ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදී මෙම පියවර ගත් බවය. පෞද්ගලික බස් රථ හිමියන්ට යම් පාඩුවක් සිදුවන්නේ නම් අවශ්‍ය සහන ලබාදීමට ඉදිරියේ සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. අද උදෑසන මාතර නගරයේ සිට බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරුණි. දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසූවේ, අද සිට සියලුම කාර්යාල දුම්රියත් දුරගමන් සේවා දුම්රියත් ක්‍රියාත්මක වන බව ය. මේ අතර බස්නාහිර පළාතේ අද සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකවේ. ඒ, අලුතින් පටන්ගමු - මහමග විනය ඇති කරමු යන තේමාව යටතේයි. රථ වාහන කොට්ඨාශස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, ලබන 22 වැනි දා දක්වා ඒ පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවය. https://www.facebook.com/NewsfirstSL/videos/279824330050422/