ඡන්දය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ තීරණය කරනවා – මැතිවරණ කොමිසමේ සභාපති

ඡන්දය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ තීරණය කරනවා – මැතිවරණ කොමිසමේ සභාපති

ඡන්දය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ තීරණය කරනවා – මැතිවරණ කොමිසමේ සභාපති

කර්තෘ Staff writer

08 Jun, 2020 | 5:30 pm

COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම සතිය තුළ දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේ ය.

මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මනාප අංක හෙට දිනයේදී සියලුම පක්ෂ වෙත ලැබීමට සලස්වන බව ය.

මේ අතර ආදර්ශ ඡන්ද විමසීමක් මෙම සති අන්තයේ ද, දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සිට සජීවීව

මැතිවරණ කොමිෂන් සභාවේ සිට සජීවීව

Posted by Newsfirst.lk on Monday, June 8, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]