කොළඹට බස් ධාවනය සහ මංතීරු නීතිය හෙට සිට

හෙට සිට; බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකයි: කොළඹට අන්තර් පළාත් බස් රථ ධාවනයත් ඇරඹේ..

by Staff writer 07-06-2020 | 8:22 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාවට නංවන බව පොලීසිය පවසයි.

ඒ, ' අලුතින් පටන්ගමු - මහමග විනය ඇති කරමු' යන තේමාව යටතේය. රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, ලබන 22 වැනි දා දක්වා ඒ පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවය. එම නීති කඩකරන්නන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන බව ද ඔහු පැවසීය. මේ අතර අන්තර් පළාත් බස් රථ හෙට සිට කොළඹ දක්වා ධාවනය කිරීමට අවසර හිමිවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි ඒ. එච්. පණ්ඩුක මහතා පැවසුවේ, ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ලද උපදෙස් අනුව ප්‍රවාහනය සඳහා පනවා තිබූ සීමා හෙට සිට ලිහිල් කෙරෙන බවය. විනෝද චාරිකා බස් රථ සහ පාසල් ළමුන් ප්‍රවාහන බස් රථ ද මගී ප්‍රවාහනයට යොදා ගැනීම සඳහා පියවර ගෙන තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එච්. පණ්ඩුක මහතා පැවසුවේ, මේ වනවිට බස් රථ 250 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා ලියාපදිංචි වී ඇති බවයි.