"පිටරටදී PCR කළත් මෙරටදී PCR පරීක්ෂණය කළ යුතුයි"

විදෙස් රටවලදී PCR කළත්, මෙරටට ඇතුළුවීමට පෙර PCR පරීක්ෂණයකට අනිවාර්යෙන්ම මුහුණ දිය යුතුයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 07-06-2020 | 7:45 AM

COLOMBO (News 1st) - විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එම රටවලදී PCR පරීක්ෂණ සඳහා පෙනී සිටිය ද මෙරටට ඇතුළුවීමට පෙර PCR පරීක්ෂණය සඳහා යළි අනිවාර්යෙන්ම මුහුණ දිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, නිව්ස්ෆස්ට්  සමග සංවාදයකට එක්වෙමිනි. වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ PCR පරීක්ෂණ සඳහා සියලුම මගීන්ගේ  සෙම්පටල ගුවන්තොටුපොළේදීම ලබා ගැනීමට තීරණය කර ඇති බවය. අනතුරුව එම පරීක්ෂණවල වාර්තා ලැබෙන තෙක් මගීන් ගුවන්තොටුපොළේ රැඳී සිටිය යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.