මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙටත් අවිනිශ්චිතය

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙටත් අවිනිශ්චිතයි - මැතිවරණ කොමිසම

by Hashini De Mel 07-06-2020 | 10:03 PM

COLOMBO (News 1st):  මහ මැතිවරණය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශ කිරීම අවිනිශ්චිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සෞඛ්‍ය රීතින්වලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා අද පැවති ආදර්ශ ඡන්ද විමසීමේ වැඩසටහනේදී සභාපතිවරයා මේ බව සඳහන් කළේ ය. ඡන්ද දායකයින් 239 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම ආදර්ශ ඡන්ද විමසීම අම්බලන්ගොඩ, විලේගොඩ ධර්මයුක්තිකාරාම විහාරස්ථානයේදී ය. ඡන්ද පොළට පැමිණි අවස්තාවේ සිට පිටව යනතෙක් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙම ආදර්ශ ඡන්ද විමසීමේදී ප්‍රායෝගික අත්හදා බැලිණි.

පියවර අංක 1 - අත්සෝදා ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීම.

පියවර අංක 2 - ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වූ පසු අන්‍යතාවය තහවුරු කිරීම සඳහා මුව ආවරණ ඉවත් කර මුහුණ පෙන්වීම.

පියවර අංක 3 - ඇඟිලි සලකුණු කිරීම ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ සිදු වේ.

පියවර අංක 4 - ඡන්දය සලකුණු කර මධ්‍යස්ථානයෙන් පිටව යෑමට පෙර යළි දෑත් පිරිසිදු කර ගැනීම.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා
දිස්ත්‍රික්ක කිහිපයක අද මෙතන ඇවිල්ලා තියෙනවා. හම්බන්තොට, මාතර, මාතලේ, ගම්පහ, කොළඹ, රත්නපුරේ ඒ දිස්ත්‍රික්ක වල නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු. ඔවුන් ලවා ඒ ඒ කොට්ඨාසවල ගමක නගරයේ වත්තක මේ ඡන්ද විමසීම තියලා තත්ත්වය බලන්නට ඕනේ. බලලා අපි ඡන්දේ නොතිබීමට නොවෙයි ඡන්දේ තැබීමට අවශ්‍ය ක්‍රියාමර්ග හදා ගන්න තමයි මේ ක්‍රමවේදය නව ක්‍රමවේදවලට යන්න මේක ලෑස්ති කර ගත්තේ. අපට අද පෙනෙන තත්ත්වේ හැටියට විශාල බරපතල ගැටලුවක් නෑ. නමුත් මේක සාමාන්‍යකරණීකරණය කරන්න බෑ. මෙම ඡන්ද මධ්‍යස්ථානය වගේ නෙවෙයි ඡන්ද පත්‍රිකාවේ වතුර ගෑවෙන්න පුලුවන්. අපි අනිවාර්යයෙන්ම අද තීරණය වුණේ එක තමයි මේකෙන් සෙනිටයිසර් භාවිතා කරලා අත් හෝදනවා. කොපමණ ආකාරයේ වියදමක් යනවද ඒකට අද අපි ගණන් හදාගෙන තියෙනවා එ්කට කීයක් යනවද? එකින් එකට අදාළ වියදම අපි ගණනය කරන්න වෙන්නේ තව සුමාන දෙකකින්. ඒ ගත්තත් ඒ යන වියදම අපරාදයක්. මේක වැඩක් නෑ කියන මතය ජනගත කරන්න එපා කියන එක මම සියලුදෙනාගෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හේතුව පාර්ලිමේන්තුව නොමැතිව පාර්ලිමේන්තුවක් ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් නොවූ පාර්ලිමේන්තුවක් තිබෙන තැනක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි. නිලධාරී පාලනයෙන් යන රටක් තාවකාලිකව බැබළුණත් එය අවසානයේ දී ඒකාධිපතිවාදයට යනවා. මෙම රෝගය සියට සීයක් පාලනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපිට ඒකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. මේ ඡන්ද විමසීම නෙවෙයි අතුරුදහන් වෙච්ච පළාත් සභා ඡන්ද විමසීම තියන්න වෙන්නෙත් මේ ක්‍රමයට විස්සයි විසිඑක දෙසැම්බර්තාක් කල්. මේක සියට සීයක් පාලනය වුණයි කියලා හිතන්න එපා රට දැන් ඔක්කොම ඇරියා බස් දුවනවා කෝච්චි දුවනවා ප්‍රශ්නයක් නෑ. මේ ගෝල්ලෝ ඡන්දය තියන්න හදනවා. අපි නම් ඡන්දෙ තියන්නේ අර මගුල් ගෙවල්වලට සීය එනවැයි කියපු නියමයට අනුව.
ප්‍රශ්නය -
බැලට් පේපර්ස් දිස්ත්‍රික්ක 5ක නවත්තලා තියෙනවද ?
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා
එහෙම තීරණයක් අපිට ගන්න සිද්ද වුණා. සමහර පක්ෂවල ලාංඡන හරියට මුද්‍රණය වුණේ. හෝල්ඩ් කළා . කොමිසමට අපි මේක නවැත්තුවේ මැතිවරණය කල් දාන්න කියන දේකට නෙමෙයි . චෝදනා කරන්න එපා .ආපහු ප්‍රින්ට් කරන්න පටන් අරන් තියෙන්නේ .