ලේ බිඳක් දී ජීවිතයක් රැකගන්නට ඔබත් එක්වන්න..!

ගම්මැද්ද දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් අද දඹුල්ලේදී..

by Staff writer 07-06-2020 | 8:05 AM

COLOMBO (News 1st) - ලේ දන්දීමේ වැඩසටහනක් අද දඹුල්ල, අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එය සංවිධානය කරන්නේ, රංගිරි දඹුලු තරුණ ස්වේඡා සංවිධාන එකමුතුව සහ නිව්ස්ෆස්ට් ගම්මැද්ද එකමුතුවෙනි. මෙම ලේ දන්දීමේ වැඩසටහන උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා පැවැත්වෙනු ඇත. විශේෂයෙන්ම සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව මෙය සිදු කිරීමට කටයුතු යොදා තිබේ. ලේ බිඳක් දී ජීවිතයක් ජීවත් කරවීම සඳහා ඔබත් එක්වන්න...