කන්තලේ සීනි සමාගමේ සභාපති කවුද?

කන්තලේ සීනි සමාගමේ සභාපති කවුද?

by Staff writer 07-06-2020 | 10:49 PM

COLOMBO (News 1st): කන්තලේ සීනි සමාගමේ වර්තමාන සභාපතිවරයා කවුද?

මෙම ධුරය සම්බන්ධයෙන් දෙදෙනෙක් අතර ගැටුමක් නිර්මාණය වී තිබේ. හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමයේ චෙකොස් ලොවෙකියා රජය විසින් ලබාදුන් ප්‍රදානයක් වන කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණේ 1960දී ය. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් භූමි ප්‍රදේශය අක්කර 21,000 ආසන්න ය. දිගු කලක් අක්‍රීයව පැවති මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ඉන්දියානු සමාගමක් සමග ගිවිසුමකට එළැඹී අතර කර්මාන්ත ශාලාවේ කොටස්වලින් 51% රජයටත් 49% ඉන්දීය සමාගමටත් හිමිව තිබේ. ඒ අනුව කේ.පී. නාගරාජා මහතා සමාගමේ සභාපතිවරයා ලෙස පත්ව සිටි අතර සමාගමට නව සභාපතිවරයෙක් පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව සමාගමේ සේවකයින් ඇතුළු පිරිසක් ඊයේ සීනිපුර විහාරයට පැමිණ සිටියේ ය. ප්‍රදීප් ගුණවර්ධන මහතාමහතාමම ඇවිල්ලා තියෙන්නේ ආයෝජකයාගේ පැත්තෙන්. ආයෝජකයා තමයි මේ සභාපති තනතුරට මාව යෝජනා කළේ . ඒකට රජයේ බ්ලෙසින් එක ඒ ගොල්ලන්ගේ අනුග්‍රහය සියල්ල ලැබිලා ආයෝජකයා තමයි මේකේ සභාපතිවරයා හැටියට පත් කරලා වැඩකරන්න කියලා මාව පත් කළේ. කන්තලේ සීනිපුර විහාරයේ විහාරාධිපති පූජ්‍ය කඹුරුපිටියේ රතනපාල හිමි
හැබැයි මතක තියාගන්න අපි 27 අවුරුද්දක් කනවා තවම. තාමත් අපිට ආණ්ඩුවලින් කවනවා. අන්දලා එවනවා අපිත් නටනවා. නැටිලා නැටිලා දැන් පණ ගිහිල්ලා. ඒ තරම් වංචාවල්වලට අහුවෙලා රැවටිලිවලට අහු වෙලා. කිසිම මනුස්සෙයකු විශ්වාස කරන්න බැරි මානසිකත්වකට මම විතරක් නෙමෙයි ප්‍රදේශවාසිීනුත් පත් වෙලා. දැන් මේ ආපු අය පිළිබඳව මම ලොකු විස්තරයක් කියන්න දන්නේ නෑ මොනවක්කත්. මට මේකට මුළින්ම සම්බන්ධ කළේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමා.
කන්තලේ සීනි කම්හලේ මුරකරු
සභාපතිවරු පත් වෙනවා. ඇමතිවරු එනවා. චන්දේ කාලෙට විතරක් මුල් ගල් තියනවා. උක්ගස් හිටවලා යනවා. ඒකත් මහා අපිට සැකයක්.
අලුත් සභාපතිවරයෙකුගේ පැමිණිම සම්බන්දයෙන් තමන්ට දැනුම් දී නොමැති බව සීනි කම්හලේ සේවකයින් මෙහිදී ප්‍රකාශ කළේ ය. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සුරැකීමේ සංගමයේ කැඳවුම්කරු ඉන්දික පරණවිතාරණ මහතා
මේකේ හතර මුල්ල නොපාගපු මිනිස්සු ඇවිල්ලා මේ ඇයි මේ මැතිවරණයට විහිලු කරන්න ලෑස්ති වෙන්නේ. මේකේ ඉන්න තරණ තරුණයින් ආයි සැරයක් රවට්ටන්න නේද මේ ලෑස්ති වෙන්නේ.
ප්‍රදීප් ගුණවර්ධන මහතා
මැතිවරණ ජයග්‍රහණය කළාට පස්සේ මෙවැනි ව්‍යාපෘති කරන්න තව තවත් ශක්තියක් ලැබෙන එක විතරයි. අලුත්ම ෆැක්ට්‍රි අලුත්ම තාක්ෂණය අලුත්ම ෆැක්ට්‍රීස් අලුත්ම දේවල් තමයි එන්නේ. මේ යන්ත්‍ර සූත්‍ර කිසිවක් පාවිච්චි කරන්නේ නෑ . ඒ යකඩ පාවිච්චියට ගන්නවා අනිත් කාරණා සඳහා. ෆ්‍රැක්ට්‍රියේ මැෂින් සඳහා නෙමෙයි.
මේ අතර තමන් තවදුරටත් කන්තලේ සීනි කම්හලේ සභාපති ධුරයේ වැඩ කටයුතු කරන බව වත්මන් සභාපති කේ.පී. නාගරාජා මහතා පවසයි. ඊයේ වංචාකාරයෝ දෙන්නෙක් අපේ කන්තලේ සීනි සමාගමට ආවා. ඒගොල්ලො කියලා තියෙන්නේ එයාලා සභාපති කියලා.ඒක වැරදි තොරතුරක් . ඔවුන් ඒ විදියට තමයි ගමේ අයට කියලා තියෙන්නේ. හැබැයි ගමේ අය දන්නවා මේ ව්‍යාපෘතිය පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා. ඒ නිසා ඔවුන් ඒවට රැවටෙන්නේ නෑ. ජනතාව මේ වංචාකාරයන්ගෙන් පරිස්සන් වෙන්න ඕන