කන්තලේ මහා පරිමාණ වැලි ජාවාරමක්..

කන්තලේ මහා පරිමාණ වැලි ජාවාරමක්..

by Staff writer 07-06-2020 | 10:23 PM

COLOMBO (News 1st):  කන්තලේ, තුන්මෝදර ප්‍රදේශයේදී මහවැලි ගඟේ සිදුකරන මහා පරිමාණ වැලි කැණීමක් හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුවෙමින් පවතී.

මෙහි හාස්‍යජනක කරුණ වන්නේ, මෙම ව්‍යාපෘතිය රාජ්‍ය ආයතනවල අනුමැතිය යටතේ සිදුවන්නක් වීමයි. සෝමාවතිය රක්ෂිතය තුළ මෙම වැලි කැණීම් සිදුවන්නේ, මහවැලි ගඟේ වැලි කැනීම් සිදුකර ඉන් ලැබෙන මුදලින් මහවැලි ගඟ සහ සූරියපුර ගම්මානය අතර ඇති ආරක්ෂක වේල්ල ඉදිකරන බව පවසමින් ය. අප වාර්තාකරු පැවසුවේ මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය හා වනජීවි දෙපාර්තමේන්තුව මේ කටයුත්තට බලපත්‍ර ද නිකුත් කර ඇති අතර අදාළ ආයතනවල නිලධාරීන් ද මේ ස්ථානයේ නිරීක්ෂණ කටයුතු සිදු කරන බවයි. සංවේදී පරිසරයක් සහිත සෝමාවතිය රක්ෂිතය මැදින් ටිපර් රථ හා ට්‍රැක්ටර් කිලෝමීටර 4කට ආසන්න දුරක් දෛනිකව එහා මෙහා ගමන් කරන්නේ වැලි ප්‍රවාහනය සඳහා ය. අප වාර්තාකරුවන් පැවසුවේ ටිපර් හා ට්‍රැක්ටර් 400කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව වනාන්තරය මැදින් වැලි ප්‍රවාහනයේ යෙදෙන බවයි. මේ ඒ පිළිබඳව සම්පුර්ණ වාර්තාවයි.. https://www.facebook.com/NewsfirstSL/videos/566909077346123/