COLOMBO (News 1st) - ජනාධිපතිවරයා සමග හෙට(08) පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එහෙත් හෙට(08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැළසුම් කර තිබූ බව ද එම නිවේදනයේ දැක්වේ.
නමුත් අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පොදු ප්‍රවාහන සේවා සැපයීමේදී විශේෂයෙන් අනත්ර් පළාත් බස් රථ ධාවනයේදී සෞඛ්‍ය අංශවල උපදෙස් මත පසුගිය සිකුරාදා(05) ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනය අනුව ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙන බවය.
අමාත්‍යවරයා පවසන්නේ, පාර්ශව රැසකට හෙට පැවැත්වෙන සාකච්ඡාවට ඇරයුම් කර ඇති බවය.
එහිදී ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් මත පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය දැනුම් දෙනු ඇති.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර දැනට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ.
පවතින බස් රථ පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පොරොත්තු ලේඛනවල රැඳී සිටින සහ සංචාරක සේවා රථ, මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම බස් රථ, පෞද්ගලික බස් රථවලට හානියක් නොවන පරිදි අවශ්‍යවුවහොත් පමණක් යොදා ගන්නා බවය.
