T56ක් සහ මැගසින් 4ක් සමග තිදෙනෙකු කොටු

T56 ගිනි අවියක් හා මැගසින් 4ක් සමග තිදෙනෙකු කොටු

by Staff writer 06-06-2020 | 6:11 PM

COLOMBO (News 1st) : මිනුවන්ගොඩ, පත්තඬුවන ප්‍රදේශයේදී, ටී 56 ගිනි අවියක් සමග සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 ගිනි අවි සඳහා යොදන මැගසින් 4 ක් ද සොයාගත් බවයි. සැකකරුවන් නාරාහේන්පිට සහ ගම්පහ ප්‍රදේශවල පදිංචි තරුණයින් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.