අමෙරිකානු නිලධාරියාට එරෙහිව පාර්ශව ගණනාවක විරෝධතා

PCR පරීක්ෂණ ඉවත දමා රටට ඇතුළු වූ අමෙරිකානු තානාපති නිලධාරියාට එරෙහිව පාර්ශව ගණනාවක විරෝධතා

by Staff writer 06-06-2020 | 8:55 PM

COLOMBO (News 1st) : සීමිත සම්පත් ප්‍රමාණයක් සමග තම රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙර දරන අවස්ථාවක සහ මැද පෙරදිග සිටින තමන්ගේම ශ්‍රී ලාංකිකයන් මව් රටට ගෙන්වා ගැනීමට පවා පැකිළෙන අවදියක ශ්‍රී ලංකාවේ නීති හා රෙගුලාසි උල්ලංඝණය කරමින් රටට ඇතුළුවීමට අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකුට අවසර දිය නොහැකි බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හිටපු මෙරට නිත්‍ය නියෝජිත තමාරා කුණනායකම් මහත්මිය පැවසුවා ය.

මෙවැනි අවස්ථාවක මෙරට රජයට වියානා සම්මුතියේ 9 වැනි වගන්තියට අනුව අදාළ නිලධාරියා රටින් පිටත් කරන ලෙස අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළ හැකි බව ද ඇය පවසන්නීය. ඇය වැඩිදුරටත් පවසන්නේ, එසේත් නොහැකි වුවහොත් පර්සෝනා නන් ග්‍රාටා ‘Persona non grata’ ලෙස එම නිලධාරියා නම් කිරීමට හැකියාව පවතින බවය. පර්සෝනා නන් ග්‍රාටා යනු ,‘Persona non grata’  කිසියම් රටකට විදේශයකින් රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය සහිතව පැමිණෙන ඕනෑම නිලධාරියෙකු සම්බන්ධයෙන් කරුණු දැක්වීමකින් තොරව මුක්තිය ශුන්‍ය කරමින් තවදුරටත් එම රටේ රැඳී සිටිය නොහැකි බවට වූ දැනුම් දීමකි. මෙම සිදුවීම අද රටේ ප්‍රධානතම දේශපාලන මාතෘකාවක් බවට පත්වී අවසන්ය. සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තානාපති කාර්යාල දැනුවත් කරලා ,තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කරලා ,ඒ තානාපති අයිතීන් අනුව තමයි ,ඒ කටයුතු කරලා තියෙන්නේ. මේක ගුවන්තොටුපොළ වැරද්දක් කරලා නෑ .එහෙම නීති තියෙනවා සාමාන්‍යයෙන් එහෙම කරලා ඒ අයව අරිනකොට අමෙරිකානු තානාපති කාර්යාලය වගකීම භාර අරන් තමයි ඔහුව රැගෙන ගියේ ප්‍රශ්නය -
දැන් එතකොට සාමාන්‍ය ජනතාව කරන කැපවිමට වඩා එතුමාගේ මුක්තියද වටින්නේ?
පිළිතුර -
නෑ එතුමාගේ මුක්තියට ඒක කරන්න එපැයි. දැන් අපිත් ,පිට රටකට ගියත් අපිට එහෙමයි .අපේ තානාපති කෙනෙක් අමෙරිකාවට හෝ වෙනත් රටකට යනවා නම් ඒ තානාපති ධූරයේ වැඩ භාර ගන්න ,ඒයාටත් ඒ අයිතිය මේ රටේ තියෙනවා.
ප්‍රශ්නය - ඒ කියන්නේ ඕනෑම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක්ට PCR කරන්නේ නැතුව යන්න පුළුවන්ද? පිළිතුර -
ඒක අමෙරිකාවෙන් නෙවෙයි, ඒක කියුබාවෙන් ආවත් එකයි ,සෝවියට් දේශයෙන් ආවත් එකයි ,රාජ්‍ය තානාත්‍රීක නිලධාරීන්ට ඩිප්ලොමැටික් පාස්පෝට් නිලධාරීන්ට අපි වැරද්දක් කළත්, අපිට භාරවෙලා තානාපති කාර්යාලයට තමයි යන්න ඕනේ. ඒක තමයි ඒ පාස්පෝට් එකේ තියෙන වටිනාකම.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අපි දන්නවා තානාපති වරප්‍රසාද තියෙන්නේ තානාපති කටයුතුවලට තනාපතිවරුන්ට බෑනේ පාරේ දකුණු පැත්තෙන් වාහන එළවන්න ලංකාවේ තනාපති කෙනෙක්ට බෑනේ රෙඩ් ලයිට් එක තියෙද්දි වාහන එළවන්න. ඒක නිසා මේක උද්දච්ච ඉතාමත් වැරදි හැසිරිමක් ලෙස තමයි අපි දකින්නේ. ප්‍රශ්නය තමයි ආණ්ඩුව පැත්තෙන් මේ තනාපති නිලධාරීන් කෙසේද මේ වෙලාවේ කටයුතු කරන්න ඕන කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්ද යාපා අබේවර්ධන මහතා
වියානා සම්මුතියට අනුව තමයි එයාට යන්න හැරියේ. වියානා සම්මුතියේ තියෙන, වියානා සම්මුතිය යටතේ, තානාපති නිලධාරීන්ට කිසිම බාධාවකින් තොරව රටට ඇතුළුවීමට හා පිටවීමට හැකියාව තියෙනවා. අපි ශිෂ්ට සම්පන්න ඉල්ලීමක් කරලා තියෙනවා මේ වගේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා කියලා . ඒකට ඒ අය ගරු නොකෙරුවයි කියලා අපිට ගත හැකි පියවරක් නෑ.
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි
ඒ පුද්ගලයා රටේ නිරෝධායන නීති කඩ කරනවා. වහාම මේ තත්ත්වය සඳහා අමෙරිකාවේ තානාපති කාර්යාලයට ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාශය මැදිහත් වෙලා මේ පුද්ගලයාව වහාම දින 14ක් නිරෝධායනයේ දාලා ,මේ රටේ නිතිය උල්ලංඝණය කිරීම, නිරෝධායන පනත උල්ලංඝණය කිරීම ඇතුළු කරුණු කාරනා ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරලා, මේ රටින් පිටුවහල් කිරීම අනිවාර්ය එකක් කියන එක අපි පැහැදිලිව පෙන්නලා දෙන්න කැමතියි
උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
නීතිය දේශීයව හෝ විදේශීයව සියලුදෙනාට එක ලෙස ක්‍රියාත්මක කරන්නයි කියන ටික ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මතයයි. සමහර අවස්ථාවලදී එසේ ක්‍රියාත්මක නොවන ස්ථාන සඳහා අවශ්‍ය වෙනස්කම් කරගෙන යනවා
සමගි ජන බලවේගයේ අපේක්ෂක තුෂාර ඉඳුනිල් මහතා
දැන් කරුණාකරලා අමෙරිකානු තානාපතිවරයාට කතා කරලා, අමෙරිකානු තානාපති කාර්යාලයට ගිහිල්ලා, ඒ නිලධාරියා හා සම්බන්ධ අවශ්‍ය කටයුතු ටික කරලා පෙන්වන්න කියලා අපි විමල් වීරවංශ ඇතුළු, ඒ තප්පුලපු ගම්මන්පිල ඇතුළු සියලුදෙනාට කියන ගමන් විදේශ කටයුතු ඇමතිවරයාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් අපි කියනවා කරුණාකරලා ඒ අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා
මේ අතර පුවත්පතකට අදහස් පළ කරමින් විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති සහකාර ලේකම් මහාචාර්ය ජනතාත් කොළඹගේ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවට පැමිණී අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා සම්බන්ධ සිදුවිමෙන් රටක් ලෙස ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බවය . අදාළ අමෙරිකානු තානාපති නිලධාරියාට මෙරටට පැමිණීම සඳහා පසුගිය මස 26 අවසර ලබා දී තිබූ බවත් මෙම නව රෙගුලාසි හඳුන්වා දීම සිදු කෙරුණේ 27 වැනිදා බැවින් මේ සම්බන්ධයෙන් අදාල නිලධාරියා දැනුවත් වී නොසිටි බව අදාළ පුවත් පතෙහි වැඩිදුරටත් සඳහන් වේ. https://youtu.be/8SyTzf6dsJM