හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට මොකද වුණේ?

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට මොකද වුණේ?

by Staff writer 06-06-2020 | 10:22 PM

COLOMBO (News 1st) :  ඉවරයක් නොමැති අලි මිනිස් ගැටුම හේතුවෙන් දකුණු පළාතේ තත්ත්වය අද බොහෝම බරපතල වී ඇත.

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතිය හා මහා පරිමාණෙන් කරපු අක‍්‍රමවත් සංවර්ධන වැඩයි නිසා අලින්ට ඉන්න හිටින්න තැන් නැති විය. දැන් අලි ඉන්නේ කැලේ නොව ගමේ ය. පහුගිය කාලෙ වගා බිම්වලට ආපු අලි - ඇත්තු 26 ක් පමණ මරා දමා තිබේ. අලි - ඇතුන්ට අහුවෙලා මිනිස්සු 13 දෙනෙකුට ජීවිත අහිමි විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය යෝජනා කළේ, මේක පාලනය කිරීමට ය. ඒක ප‍්‍රකාශයට පත් නොකරන්නේ මොකද කියන එක අදටත් පුදුමයකි. අලි ඇත්තු යන එන විදිය බලලා උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරලා, කැලෑ ටික ජාලගත කිරීම මෙහි අරමුණ විය. මේ හරහා හම්බන්තොට අලි - ඇත්තු 450 දෙනෙකුගේ වාසස්ථාන රැකගන්න හැකි බව පරිසරවේදීන් පවසයි. 2009 ඉදලා 2011 වෙනකම් හම්බන්තොට රාජ්‍ය ආයතනවලයි ගම්මුන්ගෙයි සහයෝගයෙන් මේකේ සැලැස්ම හැදුවේ ගජ මිතුරෝ වැඩසටහනෙන් ය. ඒ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට යවලා අවුරුදු 08 කට වැඩි ය. ඒත් වන අලි කළමනාකරණ රක්ෂිතය අදටත් සීමා වෙලා ඇත්තේ දැන්වීම් පුවරු දෙක තුනකට හා තැනින් තැන හදපු විදුලි වැටවල් කීපයකට ය. ඒ කලාපෙට අයිති කැළෑ ඉඩම් මහවැලියෙන් එළි කළ බව මිනිසුන් පවසයි. බොරළු කැණීම, කළු ගල් කැඩීම, වෙනත් සංවර්ධන වැඩ, වාණිජ වගාවලට ඉඩම් දීම වගේ දේවල් ගැන එල්ල වන්නේ ලොකු චෝදනාවකි. ගම්මැද්ද පහුගිය අවුරුද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් සමග එක්ව මේ පැතිවල අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්න පුළුල් සමීක්ෂණයක් කළේ ය. ඒකෙනුත් පෙනී ගියේ සීමා සහිතව හරි ඉතුරු වෙලා තියන වනවැස්මත් විනාශ වුණොත් හම්බන්තොට අලි මිනිස් ගැටුම බරපතල වෙන එක නම් වළක්වන්න බැරි බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/300101047684125/