සියලු තැපැල් කාර්යාල අද වසා තැබෙයි

සියලු තැපැල් කාර්යාල අද වසා තැබෙයි

by Staff writer 06-06-2020 | 6:50 AM
COLOMBO (News 1st) : දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ , දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද සේවා කටයුතු සදහා විවෘත නොකෙරෙන බවයි. නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.