සමනළ වැවේ ගිලී 21 හැවිරිදි තරුණයෙකු මරුට

සමනළ වැවේ ගිලී 21 හැවිරිදි තරුණයෙකු මරුට

by Staff writer 06-06-2020 | 7:20 PM

COLOMBO (News 1st) :  බලංගොඩ සමනළ වැවට උළුපිටිය ප්‍රදේශයෙන් දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ සවස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.

තවත් මිතුරන් තිදෙනෙකු සමග අදාළ තරුණයා ඊයේ පස්වරුවේ දිය නෑමට ගොස් තිබුණි. මිතුරා දියේ ගිලෙනු අනෙකුත් තරුණයින් දැක ඇති නමුත් ඔවුන් ප්‍රකාශ කළේ ඔහු බේරා ගැනීමට නොහැකි වූ බවයි. බලංගොඩ පොලිසිය මැදිහත්ව ඊයේ සවස සිට අදාල තරුණයා සෙවීම් කටයුතු ආරම්භ කළ අතර කිරින්ද නාවික හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් විශාල පරිශ්‍රමයකින් පසුව අද පස්වරුවේ අදාල තරුණයාගේ සිරුර සොයා ගනු ලැබිණි. ජීවිතක්ෂයට පත් පුද්ගලයා බලංගොඩ අලුත්නුවර ප්‍ර‍දේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. උළුපිටිය ප්‍රදේශයේ ධීවර සමිතිය මගින් අදාල ස්ථානයෙන් සමනල වැවට නොබසින ලෙස දන්වා ගේට්ටුවක් දමා තිබෙනු ද දැකිය හැකිය.