ලාංකික ශ්‍රමිකයින්ගේ PCR කිරීමට ලෙබනනය එකඟවෙයි

ලාංකික ශ්‍රමිකයින්ගේ PCR කිරීමට ලෙබනනය එකඟවෙයි

by Staff writer 06-06-2020 | 12:39 PM
COLOMBO (News 1st) : මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින ලාංකික ශ්‍රමිකයින්ගේ PCR පරීක්ෂණ නොමිලේ සිදු කිරීමට ලෙබනන රජය එකඟතාව පළ කර තිබේ. ඒ , ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න සහ ලෙබනන කම්කරු අමාත්‍ය ලමිනා යමිනි යන මහත්මීන් අතර පැවති හමුවකදීයි. අදාළ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා බිරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයන් ද හඳුන්වා දීමට නියමිතව තිබේ. ඒ හරහා ලෙබනන කම්කරු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් මෙරටට පැමිණීමට පෙර ලාංකික ශ්‍රමිකයින්ගේ PCR පරීක්ෂණ සිදු කෙරෙනු ඇති. ලෙබනනයේ සිටින ලාංකික කම්කරු ශ්‍රමික ගැටලුව පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබිණ.