මීගමුව කලපුවේ කකුළුවන් මිය යාමට හේතුව කුමක්ද?

මීගමුව කලපුවේ කකුළුවන් මිය යාමට හේතුව කුමක්ද?

by Staff writer 06-06-2020 | 3:37 PM

COLOMBO (News 1st) : මීගමුව කලපුව ආශ්‍රිතව අපනයනය කිරීම සඳහා ඇති කරන කකුළුවන් විශාල පිරිසක් මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, මීගමුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල අපනයනය කිරීම සඳහා ඇති කරන කකුළුවන් බව අප වාර්තාකරු පැවසුවේ ය. කර්මාන්තයේ නිරත පුද්ගලයින් සැක පල කරන්නේ, කලපුව ආශ්‍රිතව ඇති අපද්‍රව්‍ය නිසා මෙම කකුළුවන් මිය යන්නට ඇති බවයි. මේ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.