මහඋල්පතදී විදුලි රැහැනක් කඩා වැටී දෙදෙනකු මරුට

මහඋල්පතදී විදුලි රැහැනක් කඩා වැටී තරුණයින් දෙදෙනකු මරුට

by Staff writer 06-06-2020 | 2:22 PM
COLOMBO (News 1st) : මාතලේ, මඩඋල්පත ප්‍රදේශයේදී අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, නවතා තිබූ ලොරි රථයක් මතට විදුලි රැහැන කඩා වැටී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ තිදෙනකු සිට ඇති අතර එක් අයෙකු ඉන් ඉවතට පැන දිවි ගලවා ගෙන තිබේ. අසල තිබූ කොස් ගසක අත්තක් විදුලි රැහැන් මතට කඩා වැටීමෙන් පසු එම විදුලි රැහන් ලොරි රථය මතට වැටී තිබේ. අනතුරින් මිය ගිය තරුණයින් දෙදෙනා 23 සහ 27 යන වයස්වල පසුවන්නන් ය.