ගැරඬි ඇල්ල අසල වතුර වළක ගිලී තිදෙනෙකු මරුට

ගැරඬි ඇල්ල අසල වතුර වළක ගිලී දැරියන් දෙදෙනකු සහ පියෙකු මරුට

by Staff writer 06-06-2020 | 2:07 PM
COLOMBO (News 1st) : බදුල්ල, මඩොල්සිම ප්‍රදේශයේ ගැරඬි ඇල්ල අසල වතුර වළක ගිලී දැරියන් දෙදෙනකු සහ පියෙකු මියගොස් තිබේ.  පොලීසිය සඳහන් කළේ, දියනාමින් සිටියදී ඔවුන් එම අනතුරට මුහුණ පා ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ පියා, දියණිය සහ තවත් ඥාති දියණියකි. ඔවුන් ගැරඩිඇල්ල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 12, 13 සහ 38 යන වයස්වල පසුවන්නන් ය. --------------------------------------------------------------------------------------------------------------------------------- මේ අතර මොරටුව එගොඩඋයන මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු ඊයේ දහවල් පවුලේ ඥාතීන් සමග දිය නෑමට ගොස් ඇති බවයි. එහිදි තවත් කාන්තාවක දියේ ගිලී ඇති අතර ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පානදුර රෝහලට ඇතුළත් කර තිබේ. මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ----------------------------------------------------------------------------------------------------------------------------------- බලංගොඩ සමනල වැවේ දිය නෑමට ගිය පිරිසක් අතුරින් එක් අයෙකු ද දියේ ගිලි අතුරුදන්ව තිබේ. අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ පුද්ගලයා සොයා ප්‍රදේශවාසින් සමග එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.