කොරෝනා ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට

by Staff writer 06-06-2020 | 9:15 PM

UPDATE : 21.15 PM තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 13 කි. ඔවුන්ගෙන් 09 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ද තවත් පුද්ගලයෙකු කුවේට් සිට පැමිණි අයෙක් ද තවත් තිදෙනෙකු රුසියාවේ සිට පැමිණි අය ද වේ ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබේ.

----------------------------------------------------------

UPDATE : 6.45 PM තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 9 කි. ඔවුන්ගෙන් 08 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කුවේට් සිට පැමිණි අයෙකි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව1810 දක්වා ඉහළ ගොස් තිබේ.

-----------------------------------------------------------------------

UPDATE : 6.00 PM  තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 05 කි. ඔවුන් සියල්ලම නාවික හමුදා සාමාජිකයින් වේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව1806 දක්වා ඉහළ ගොස් තිබේ.

--------------------------------------------------------------------------

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1804 දක්වා ඉහළ ගොස් තිබේ.