ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක් ‍

ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක් ‍

by Staff writer 06-06-2020 | 5:37 PM

COLOMBO (News 1st) : දිවයිනේ නිරිත දිග කොටස් වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර, පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.