අමෙරිකානු ජනපතිට එරෙහිව විරෝධතා

අමෙරිකානු ජනපතිට එරෙහිව එරට හිටපු ඉහළ හමුදා නිලධාරීන්ගේ විරෝධය..

by Staff writer 06-06-2020 | 8:24 PM

COLOMBO (News 1st) : අමෙරිකානු හිටපු උප ජනාධිපති ජෝ බයිඩ්න්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ම් විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ නම භාවිත කරමින් සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස විවේචනය කර තිබේ.

මේ අතර ලොව පුරා විරෝධතා සාමකාමී අන්දමින් සිදුවන පසුබිමක, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මෙම වර්ගවාදයට හා ජාතිවාදයට එරෙහි ව්‍යාපරයට සිය පූර්ණ සහයෝගය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අමෙරිකාවේ හිටපු ජාතික ආරක්ෂාව පිළිබඳව ඉහළ නිලදාරීන් 280 දෙනෙකු පමණ ලිපියක් මගින් අමෙරිකානු ජනාධිපතිවරයා සමාකාමී විරෝධාතා මැඩ පැවැත්වීමට හමුදාව අනියුක්ත කිරීමට ගත් තීරණය දැඩි ලෙස විවේචනය කර තිබේ. අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ අමෙරිකානු ජනාධිපතිවරයා දේශපාලන අරමුණු වෙනුවෙන් හමුදාව අවභාවිත කරන බවයි. අදාළ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල පළ කරන අතර හිටපු අමෙරිකානු ජාතික ආරක්ෂක නිලධාරීන් වොශීන්ටන් ඩී සී හි පැවති උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට හමුදාව යොදා ගැනීම පිළිබඳව සිය දැඩි විරෝධය පල කර තිබේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ අමෙරිකානු ව්‍යවස්ථා ප්‍රකාරව සියලුම රට වැසියන්ට භාෂණයේ නිදහස උපරිමයෙන් ඇති බවත් එය පාලනය කිරීමට හෝ මැඩ පැවැත්වීම අමෙරිකානු හමුදාවේ කාර්ය භාරයක් නොවන බවයි. මේ අතර අමෙරිකාවේ නව රැකියා පිළිබඳවද ධනාත්මක වාර්තාවක් උපුටා දක්වමින් අමෙරිකනු ජනපතිවරයා පවසා තිබු‍ණේ මෙම නව රැකියා උත්පාදනය පිළිබඳව මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ස්වර්ගයේ සිට සතුට වනු ඇති බවය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
ජෝර්ජ් ෆ්ලොයිඩ් මේ අවස්ථාවේදී මේ දත්ත දෙස බලමින් තම රටට යහපතක් වූවා යැයි සිතමින් සතුට වනවා ඇති. එය ඔහුටත් අනෙක් හැමෝටමත් අද හොද දවසක්. සමානාත්මතාවටත් අද හොඳ දවසක්. මේ දත්තවලින් පෙන්නුම් කරන්නේ අපේ ව්‍යවස්ථාවටත් රටටත් අවශ්‍ය දේ.
ඔහුගේ අදාළ ප්‍රකාශය ෆ්ලොයිඩ්ට ආදරය කරන බොහෝ දෙනා ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබූ අතර හිටපු උප ජනාධිපති ජෝ බයිඩ්න් ද අදාළ ප්‍රකාශය හෙළා දැක තිබූ බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අමෙරිකාවේ හිටපු උප ජනාධිපති ජෝ බයිඩ්න්
ට්‍රම්ප් ජනාපතිවරයාගේ ප්‍රකාශය ගැන මම දැඩි ලෙස කණගාටු වෙනවා .ඔහු සියලු දේ හරි ගියා යන ස්ථාවරයක සිටිනවා. නමුත් එය එසේ නොවේ. කරන්න බොහෝ දේවල් තියෙනවා. අමෙරිකානු ජනපතිවරයා වන රැකියා පිළිබඳව කතාකරාට දෛනික ජීවිතයේ බොහෝ අමෙරිකානුවන් පීඩා විඳිනවා.
වෙනදාට සාමකාමී පෝට්ලන්ඩ් නගරය ඊයේ රාත්‍රියේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් සටන් වදින විරෝධතාකරුවන් නිසා උණුසුම් විය. ඒ, අඛණ්ඩව 11 වන දිනටත් සිදුවන විරෝධතා අතරතුර විරෝධතාකරුවන් විසින් පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමගිනි. මේ අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතා ජාතිවාදයට එරෙහි රැළියකට සහභාගීවෙමින් දණ නමා සිය සහයෝගය පළ කිරීම බොහෝ දෙනාගේ අවදානයට ලක් විය. ජස්ටින් ටෘඩෝ මෙම රැළියට එක්වූයේ පසුගියදා නැගෙනහිර කැනඩාවේ ස්වදේශික කාන්තාවක් පොලීසිය විසින් වෙඩි තබා මරා දමා තිබූ පසුබිමක ය. මේ අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ,මේලබන් , බ්‍රිස්බන් , ඇඩිලේඩ් යන ප්‍රධාන නගරවල හා තවත් නරග රැසක ජෝර්ජ් ෆ්ලෝයිඩ් වෙනුවෙන් සාමාකාමී විරෝධතා පැවැත් වේ. මෙම විරෝධතා රැලි සංවිධානය කර තිබුණේ එරට ස්වදේශික ජාතිකයන්ට උපරිම සහය ලබාදීමටත් , පොලිස් අත්අඩංගුවේදී මියයන ස්වෙදේශික ජාතිකයකන්ට යුක්තිය ඉටුකිරීමේ අරමුණින් ය. බ්‍රිස්බේන්හි නිව්ස්ෆස්ට් කාර්යංශ වාර්තාකරු මියිශා වීරසිංහ
මේ විරෝධතාවය පැවැත්වෙන්නේ ෆ්ලොයිඩ් වෙනුවෙන් විතරක් නෙවෙයි. මේ දක්වා තිබුණු සියලු අසාධාරණකම්වලට එරෙහිවයි. මේ හැමෝම බොස්ටන්වලට ඇවිල්ලා තියෙන්නේ ස්වදේශික ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සඳහා. ඒ වගේම මෙහි තවත් ප්‍රධාන අරමුක් වන්නේ ලෝක බලවතුන්ට කලු ජාතිකයන් වෙනුවෙන් නැගී සිටීමට දැනෙන වෙනසක් අවශ්‍ය වන බවයි.
මේ අතර දින ගණනක් වොෂින්ටන් නගරය ගිනිබත් කළ ප්‍රචණ්ඩ විරෝධතා අද යම්තාක් දුරට සාමකාමී මුහුණු වරක් ගෙන තිබුණි. වොෂින්ටන් නගරයේදී යෝධ සිවිල් ක්‍රියාකාරයෙකු වූ දිවංගත මාර්ටින් ලූතර් කිං ජූනියර්ගේ දේශනවලට සවන් දෙමින් ජනතාව සාමකාමී විරෝධතාවල ද නිරත වුණි. ප්‍රචණඩත්වයෙන් සාමකාමී වන මෙම වෙනස විද්වතුන් පෙන්වාදෙන්නේ, නැවත පණ ගැන්වූ සිවිල් අයිතීන් වෙනුවෙන් සටන් වදින ව්‍යාපරයක බිහිවීමත් අමෙරිකානු පොලීසියේ අපරාධ නීති පද්ධතිය නැවත වෙනස් කිරීමක් බවයි.