කොළඹ නගරය තුළ මංතීරු නීතිය ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි – පොලීසිය

කොළඹ නගරය තුළ මංතීරු නීතිය ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි – පොලීසිය

කොළඹ නගරය තුළ මංතීරු නීතිය ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි – පොලීසිය

කර්තෘ Chathuranga Rajapaksha

06 Jun, 2020 | 3:28 pm

COLOMBO (News 1st): කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව “අලුතින් පටන් ගමු, මහ මග විනය ඇති කරමු” යන තේමාව යටතේ මෙය ආරම්භ කරන බව පොලීසිය පවසයි.

ලබන 08 වැනි සඳුදා සිට ලබන 22 වැනිදා දක්වා මාර්ගයේදී පොලිස් නිලධාරීන් විසින් මේ සම්බන්ධව රියැදුරන් දැනුවත් කරනු ලැබේ.

නමුත් ලබන 22 වැනිදා සිට මෙම මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා කොළඹට පැමිණීමේදී සහ පස්වරු 4.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹින් පිටවීමේදී අදාළවන මංතීරු නීතිය අදාළවන මාර්ග මෙසේය.

* කොළඹ ඕල්කට් මාවත, රීගල්, කුමාරරත්නම් පාර, පිත්තල හන්දිය, පුස්තකාල වට රවුම, කොල්ලුපිටිය හන්දිය

පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹින් පිටවීමේදී මංතීරු නීතිය අදාළවන මාර්ග මෙසේය.

* ගල්කිස්ස මැලිබන් හන්දියේ සිට මොරටුව කුරුස හන්දිය දක්වා මාර්ගය

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මකවන අවස්ථාවේදී එම මංතීරුව තුළින් ගමන් කළ යුතු වාහන පිළිබඳව ද පොලීසිය දැනුම් දී තිබේ. ඒ අනුව එම වාහන මෙසේය.

01. පුද්ගලික බස් රථ‍
02. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ
03. ආසන 20ට වැඩි (කාර්යාල ප්‍රවාහන සේවා) බස් රථ
04. පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]