ලොවපුරා කොරෝනා මරණ හාර ලක්ෂයට ආසන්න වෙයි

ලොවපුරා කොරෝනා මරණ හාර ලක්ෂයට ආසන්න වෙයි

by Staff writer 05-06-2020 | 8:18 AM
COLOMBO (News 1st) : පාකිස්ථානයේ සෞඛ්‍ය සේවා දුර්වල වී ඇති බවට එරට වෛද්‍යවරුන් අනතුරු අඟවති ඒ කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින් ප්‍රමාණවත් නොවීම හේතුවෙනි. මේ වන විට පාකිස්ථානයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 85,000 ඉක්මවා තිබේ. එහෙත්, එරටින් වාර්තා වන්නේ කොරෝනා මරණ 2000 ට අඩු සංඛ්‍යාවකි. මේ අතර ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ට ආසන්න වී තිබේ. ඒ අනුව ලොව පුරා වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3 92,123 කි. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 66 88,679 දක්වා ඉහළ ගොස් තිබේ. ලොව පුරා සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 32 28,039 කි.