Update:මොණරාගල වෙඩි හුවමාරුවෙන් සැකකරු මරුට

Update:මොණරාගලදී පොලීසිය සමග වෙඩි හුවමාරුවෙන් සැකකරු මරුට

by Staff writer 05-06-2020 | 3:44 PM

Update (3.40 P.M) : මොණරාගල, ඉත්තෑකටුව ප්‍රදේශයේදී පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු මියගිය බව පොලීසිය සඳහන් කළේය.

⁣අද පස්වරුවේ මෙම වෙඩි හුවමාරුව සිදුවූ බව පොලීසිය සඳහන් කළේය. ==================================================================

COLOMBO (News 1st) 3.20 P.M - මොණරාගල, ඉත්තෑකටුව ප්‍රදේශයේදී අද පස්වරුවේ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. අනතුරුව පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී බරපතල තුවාල ලැබූ සැකකරු මොණරාගල රෝහලට ඇතුළත් කෙරිණි. ඔහු පසුගිය 31 වැනිදා සිදුවූ පුද්ගල ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකි. වරෙන්තු ලබා සිටින සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු දෙකක් ද විභාග වෙමින් පවතී.