මැතිවරණයට අදාළ ආචාර ධර්ම ප්‍රකාශයට පත් කෙරේ

මහ මැතිවරණයට අදාළ ආචාර ධර්ම සහ මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 05-06-2020 | 5:58 PM

COLOMBO (News 1st) - මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය ජාතික මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. ඊට අමතරව මහ මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන ද අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර ඇත. මාධ්‍ය ආයතන අදාළ උපමාන නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිත්‍ය නියෝජිත කමිටුවක් ද පත් කිරීමට නියමිතය. එම කමිටුවේ සංයුතිය සහ සාමාජිකයින් මැතිවරණ දිනය ප්‍රකාශ කිරීමෙන් පසුව ප්‍රකාශයට පත් කරනු ඇති. අදාළ ආචාර ධර්ම සහ මාධ්‍ය උපමාන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ දින සිට ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන දිනය දක්වා බලාත්මක බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.