මත් කරල් ප්‍රවාහන කළ තිදෙනෙකු අත්අඩංගුවට

මත් කරල් ප්‍රවාහන කළ ඖෂධ අලෙවි නියෝජිතයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 05-06-2020 | 5:11 PM

COLOMBO (News 1st) - මත්කරල් තොගයක් ප්‍රවාහන කරමින් සිටි ඖෂධ අලෙවි නියෝජිතයෙකු ඇතුළු තුන්දෙනෙකු බේරුවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේදී සැකකරුවන් ගමන් කරමින් සිටි යතුරුපැදි දෙකක් පරික්ෂා කළ බවයි. එහිදී මත් කරල් 1350 ක් සහ ජංගම දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන තිබේ. එම මත්කරල් ඇඳිරි නීති සමයේ රුපියල් 200 ක පමණ මිලකට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය. බේරුවල, වැලිපැන්න සහ පිංහේන ප්‍රදේශවල පදිංචි එම සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.