පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

by Staff writer 05-06-2020 | 10:15 PM

COLOMBO (News 1st) - කළුතර පොලිස් විද්‍යාලයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ, රාජකාරී පැහැර හැරීමක් සම්බන්ධයෙනි. පොලීසිය සඳහන් කළේ, පසුගිය මැයි 25 වැනි දා මුව ආවරණ නොමැතිව පා පැදියකින් ගමන් කළ පුද්ගලයකු නැවැත්වීමට කළ උත්සාහයේදී පාපැදිකරුට පැදිය පාලනය කර ගැනීමට නොහැකිව බිම වැටී ඇති බවයි. එහිදී මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ඔහු 16 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන ළමයෙකු බව හෙළි වී ඇත. ඒ, ඔහුගේ පියා එම ස්ථානයට පැමිණ කළ ප්‍රකාශයකිනි. ඔහු නිවසින් පිටත්ව ගොස් ඇත්තේ, තමාට නොදන්වා බව ද එම ළමයාගේ පියා මෙම නිලධාරීන්ට පවසා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් ක්‍රියාත්මක පරීක්ෂණයකින් අනතුරුව, කළුතර දිස්ත්‍රික් එ්කකය පොලිස් අධිකාරීවරයා විසින් ඔවුන්ගේ වැඩ තහනම් කෙරුණි. එලෙස වැඩ තහනම් කර ඇත්තේ උපපොලිස් පරීක්ෂකවරයකුගේ, පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේයී.