නාවික හමුදා සෙබළුන් 25 ක් නිරෝධායනය අවසන් කරයි

නාවික හමුදා සෙබළුන් 25 ක් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යති

by Staff writer 05-06-2020 | 3:10 PM

COLOMBO (News 1st) - නිරෝධායනය අවසන් කළ නාවික හමුදා සෙබළුන් 25 දෙනෙකු අද බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, තව ත් පුද්ගලයින් 84 දෙනෙකු එම මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින බවය. බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් මේ වනවිට පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 249 කි.