ගත වූ පැය 6 තුළ පුද්ගලයින් 230 ක් අත්අඩංගුවට

ගත වූ පැය 6 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 230ක් අත්අඩංගුවට

by Staff writer 05-06-2020 | 4:51 PM

COLOMBO (News 1st) - ගත වූ පැය 6 තුළ ඇඳිරි නීති රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 96 කි. මාර්තු 20 වැනි දා සිට මේ දක්වා පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 70,272 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාලසීමාව තුළ වාහන 19,952 ක් පොලීසිය භාරයට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.