Update: කොරෝනා ආසාදිතයින් ගණන 1800 ක් දක්වා ඉහළට

Update: කොරෝනා ආසාදිතයින් ගණන 1800 ක් දක්වා ඉහළට

by Staff writer 05-06-2020 | 5:20 PM

Update (5.15 pm): තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1800 දක්වා ඉහළ ගොස් තිබේ. අද(05) දිනයේ මේ දක්වා(4.30PM) වාර්තා වූ ආසාදිතයින් ගණන තිදෙනෙකි. (බංග්ලාදේශයේ සිට පැමිණි 02, නාවික හමුදා සමාජිකයන් 01)

==============================================================

Update (5.00 pm): තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1798 දක්වා ඉහළ ගොස් තිබේ. ================================================================================ COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1797 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 48 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගත් ආසාදිතයින්ගෙන් 42 දෙනෙකු ම නාවික හමුදා සමාජිකයින් ය. එම සෙබළුන් හඳුනාගෙන ඇත්තේ, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් - 32ක් ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් -3ක් මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් -1ක් ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයෙන් -5ක් නිරෝධායනය වෙමින් සිටි තවත් අයෙක් වශයෙනි. ඉතිරි ආසාදිතයින්ගෙන් තිදෙනෙක් වාර්තා වන්නේ, ඉන්දියාවේ සිට පැමිණ කටුකෙළියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිස අතරිනි. ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙක් තවත් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිණ. බංග්ලාදේශයේ සිටි පැමිණි ඉතිරි දෙදෙනා හඳුනාගෙන ඇත්තේ,  දියතලාව සහ වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානවලිනි. මේ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් 947 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 839 කි. මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11 කි.