අපි පරිසර දිනය සමරන්නේ කොහොම ද?

අපි පරිසර දිනය සමරන්නේ කොහොම ද?

by Staff writer 05-06-2020 | 9:56 PM

COLOMBO (News 1st) - අද ලෝක පරිසර දිනය...

අපිට සැබවින්ම මේ දිනය සමරන්න පුළුවන් ද? අද ලෝක පරිසර දිනයේ අපිට ගල්කිස්ස වෙරළ ගැන කතා කරන්න වෙලා තියෙන්නේ කණගාටුවෙන් වැලි ගොඩකරලා මුහුදට ගහගෙන යද්දි දැන් වෙරළට කුණු ගොඩගහලා. අපේ මුතුන් මිත්තන් ඉදිකරපු වැව් අමුණු අපි කඩා බිඳ දානවා. ඒ අය ස්වභාව ධර්මයට ගරු කරලා රට සංවර්ධනය කළේ. අපි ඉවක් බවක් නැතුව කුඹුරු ඉඩම්, වගුරු බිම්, ජල පෝෂක මේ හැමතැනම ගොඩ කරලා විනාශ කරලා සංවර්ධනය කරනවා. රටේ කඳු දවසින් දවස බිමට සමතලා වෙනවා. අවුරුදු දහස් ගණන් තිබුණු මහා විශාල ගල් කුට්ටි කඩා බිඳ දාන්නේ කිසිම හැඟීමක් නැතුව. කැලෑ කපලා විනාශ කරලා ඉඩම් අල්ලනවා. නැත්නම් අනවසරෙන් වගා කරනවා. එහෙමත් නැත්නම් රක්ෂිත විනාශ කරල ව්‍යාපාර කරනවා. වන සතුන්ට යන්න එන්න මගක් නැහැ. උන් ගම්වලට කඩා වදිනවා. ඊට පස්සේ තියෙන්නේ සදාතනික අරගලයක්. ලෝකෙන්ම අපිට විතරක් උරුම වුණ වන සතුන් කී දෙනෙක් නම් අපේ කාලය තුළ විනාශ කරලා දැම්මා ද? හැම තැනම කුණු දානවා... අන්තිමට කන්ටේනර්වලින් පිටරටිනුත් කුණු ගෙන්නුවා. හිතන්නේ බලන්නේ නැතුව විෂ රසායනික ජල මූලාශ්‍රවලට මුදා හරිනවා. මේවා නතර වෙන්නේ කවදා ද? පරිසර දිනේට විතරක් මේවා ගැන කතා කරලා වැඩක් තියෙනව ද? ඉතින් අපි සමරන්නේ මොන පරිසර දිනයක් ද? https://www.facebook.com/NewsfirstSL/videos/2772024163084549/